26 April, 2024

Blog

ශ්‍රී ලංකාවේ අලුත් ආරක්ෂක ලේකම්ට යුද අපරාධ චෝදනා නගන නව වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කෙරේ 

අලුතින් පත් කරන ලද ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව යුද අපරාධ සහ මානව හිමිකම් අපරාධ චෝදනා ගොනු කළ හැකි බලගතු සාක්ෂි ඇත. යුද්ධයේදී 53 සේනාංකයේ ආඥාපති ලෙසත්, යුද්ධයෙන් පසු, අභ්‍යන්තරිකව අවතැන් වූවන් පිළිබඳ නිසි බලධාරියා මෙන්ම, වධබන්ධන පැමිණවීම සම්බන්ධයෙන් කුප්‍රසිද්ධියට පත් ජෝසප් කඳවුරේ අණදෙන නිලධාරියා ලෙසත් ඔහුගේ භූමිකාව කේන්ද්‍ර කොටගෙන දකුණු අප්‍රිකාව පදනම් කොටගත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ආරක්ෂක ලේකම් පිළිබඳ පිටු සියයක ගොනුවක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙය එළි දැක්වෙන්නේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල මහත් අවධානයක් දල්වා ලමින් මීට ඉහතදී මේ වසරේ පල කරන ලද ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ ගොනුවෙන් පසුවය. පසුව ඔහු යුද හමුදාපති ධුරයට උසස් කරන ලදී[1].

කමල් ගුණරත්නට විරුද්ධවත්, වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව තිබුනා සේම බැලූ බැල්මටම පෙනී යන බලගතු නඩුකරයක් ඇත,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ  කොට  තිබේ. යුද අපරාධ චූදිතයන් බලසම්පන්න නිලතල වලට පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ඕනෑකමින්, හිතාමතාම දණ්ඩ මුක්තිය ප්‍රවර්ධනය කරයි,”  ඇය වැඩිදුරටත් කියා සිටියාය.  

53 සේනාංකයේ ආඥාපති ලෙස ගුණරත්න 2009 පෙබරවාරි මාසයේ පුදුකුඩිඉරිප්පුවට එරෙහිව දකුණු දිග පෙරමුණින් දියත් කෙරුණු ප්‍රහාරයට අණ දුන්නේය. ඔහුගේම කතාන්තරයට අනුව ඊට සෘජුවම අණ දුන්නේ අද ජනාධිපති වී සිටින ගෝඨාභය රාජපක්ෂයි. ගුණරත්නගේ හමුදා ඊළඟට හවුල් වූයේ  දසදහස් සංඛ්‍යාත ජනකායකට හානි පමුණුවමින්, සිවිල් දේපල විනාශ කරමින් ආරෝග්‍යශාලා, සකසාගත් ආරෝග්‍යශාලා සහ ආහාර බෙදාහරින ස්ථාන මත්තේ  දිගින් දිගටම පහර ගසනු ලැබූ  පුදුකුඩිඉරිප්පු, පුදුමාතලන් සහ මුල්ලිවයික්කාල් ප්‍රහාරයටයි. 

ගුණරත්න තමන්ගේ චරිතාපදානයේ ලියා ඇති පරිදි, සටන් නැවත්වීම සඳහා එක්සත් ජනපදය විසින් ඇතිකරනු ලබන පීඩනයට යටත් නොවී සිටිනු පිණිස යුද්ධයේ අවසානය කඩිනම් කරන ලෙස එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2009 මැයි 14 දා ඔහුටත් ශවේන්ද්‍ර සිල්වාටත් සෘජුවම අණ දී තිබේ. කමල් ගුණරත්න ඒ අවස්ථාවේ පවසා ඇත්තේ ප්‍රහාර දිගටම පවත්වාගෙන යමින් “ත්‍රස්තවාදීන් කුඩු පට්ටම් කර දැමීම” හැර වෙනත් විකල්පයක් නැති බවයි. යුද මුක්ත කලාපය තුල කිසිදු සාමාන්‍ය වැසියකු නැති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහු මෙසේ කියා ඇත්තේ අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් 15,000ක්, 20,000ක් වත් යුද මුක්ත කලාපය තුල තවමත් කොටුවී ඇතැයි[2] ශ්‍රී ලංකාවේ ආණ්ඩුවම ඊට කලින්දා ගණන් බලා තිබෙන බව හොඳාකාරව දැනුවත් වී  සිටියදීය. එයද හිතාමතා කළ අඩු තක්සේරුවක් බව හෙළි වූයේ 60,000 ත් 80,000 ත් අතර ජනකායක් පණ පිටින්  පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුව ප්‍රකාශ කිරීම සමගය[3].

සාක්ෂි වල නෛතික විශ්ලේෂණයේ නිගමනය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව, සිවිල් සහ වෛද්‍ය සම්පත්  ඉලක්ක කොටගත් ප්‍රහාර සඳහා අණ දීමත්, සාමාන්‍ය ජනතාවට සහ සිවිල්, වෛද්‍ය හා ආහාර බෙදාහරින ස්ථාන වලට, රෝහල්වල හා ජනාකීර්ණ “යුද මුක්ත කලාපයේ’ සිටි සාමාන්‍ය වැසියන් ඇතුළු වෙනත් ආරක්ෂා කළ යුතු සම්පත්  වලට, හිතුමතේ, අසමානුපාතික ලෙසින් හා උවමනාවෙන්ම ප්‍රහාර එල්ල කිරීමෙන් සිය භට පිරිස් වලක්වා ලන්නට අසමත් වීමත් සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සාපරාධී වගකීමෙන් බැඳෙන සහ බැඳිය යුතු බවයි. 

ප්‍රකට රූපවාහිනී නිවේදිකා ඉසෙයිප්‍රියා මරා දැමීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බැර කර ඇත්තේ ගුණරත්නගේ 53 සේනාංකයටයි. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවට භාර වෙන ආකාරය රූපගත කොට තිබේ. ඇගේ මෘත ශරීරයේ ඡායාරූප සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද වෝහාරික විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ඇය නඩු විභාගයකින් තොරව ඝාතනය කොට ඇගේ සිරුර කෙලෙසන ලද බවයි. එවැනි උල්ලංඝන වලක්වා ලන්නට හෝ ඊට වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට හෝ අවශ්‍ය  වන්නාවූත්, යුක්ති සහගතවූත් සියලු පියවර ගැනීමට ගුණරත්න උත්සාහ කළ බවට කිසිදු  ඇඟවීමක් නොමැත. 

ජෝසප් කෑම්ප් නමින් පොදුවේ හඳුන්වනු ලබන වව්නියාවේ පිහිටි වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානය පවත්වාගෙන යාමේ ගුණරත්නගේ භූමිකාවද ITJP ගොනුවෙන් විභාග කෙරේ. ඔහු ආඥාපති වශයෙන් සිටියදී තමන්ට වධහිංසා කළ බවට චෝදනා කරන දස දෙනකු කරන ප්‍රකාශ ද එහි උපුටා දක්වා තිබේ. ඔහුගේ ආඥාව සහ පාලනය යටතේ ජෝසප් කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද ලිංගික දූෂණ, වධහිංසා සහ ලිංගික හිංසන යනාදී අපරාධ සම්බන්ධයෙන් ගුණරත්න සාපරාධී වගකීමෙන් බැඳෙන බව ගොනුවේ නිගමනය වෙයි. 

යුද්ධයෙන් ජීවිත බේරාගත් දෙමළ තුන්ලක්ෂයක් පමණ යුද්ධයෙන් පසු ඔවුන්ගේ කැමැත්තකින් තොරව මැණික් ෆාම් කඳවුරේ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන, අභ්‍යන්තරිකව අවතැන්වූවන්ගේ කඳවුරු යන අහිංසක නමින් හැඳින්වුණු හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ ස්ථාන වලදී සෝදිසි කිරීම් වලට ලක් කරන ලදී. දෙමළ වීම නිසාත්, ඔවුන් එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ සිට පැමිණි නිසාත්, කාන්තාවන් සහ දරුවන් ද ඇතුළු එම අවතැන් වූවන් එල්ටීටීඊ සැකකරුවන් ලෙස සලකා නීති විරෝධී ලෙස රඳවා තබා ගන්නා ලද බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ගොනුවේ අඩංගු වේ. මෙය ජාත්‍යන්තර නීතිය යටතේ වෙනස් කොට තැකීමක් ගණයට වැටෙන අතර ඔප්පු කරනු ලැබුවහොත් වාර්ගික දණ්ඩන අපරාධයක් සේ ගැනෙන්නට ඉඩ තිබේ.   

මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීම මගින් ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම්  පිළිපදින බව  කියන්නාවූ  රටවල් හමුවේ මතු කෙරෙන්නේ බරපතල ආචාර ධාර්මික උභතෝකෝටිකයකි,” යි යැස්මින් සූකා පැවසුවාය. “ජනාධිපති ලෙස ඡන්දයෙන් අලුතින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ කරන පත්වීම් දෙස බලන්නට ගත් කල, ජනාධිපති සහ ඔහුගේ නව පාලන තන්ත්‍රයේ සාමාජිකයන් සමහරක් ඔවුන්ගේ මුක්තියේ කල් ඉකුත්වූ දවසක නඩු වැටෙනු ඇති ඒකාබද්ධ අපරාධකාර ව්‍යාපාරයක් දැයි සිතට නැගීම වැලැක්වීම අසීරුය.” (ITJP)

වාර්තාව කියවීම සඳහා මෙතනින් පිවිසෙන්න​

1. The Delegation of the European Union (EU) issues the following statement in agreement with the Embassies of Germany, Italy, Netherlands, the UK High Commission, the Embassies of Norway and Switzerland. https://eeas.europa.eu/delegations/sri-lanka_en/66564/Joint%20Statement

“The allegations of gross human rights violations against him, documented by the United Nations and other organizations, are serious and credible,” the U.S. Embassy in Colombo said in a statement. Sri Lanka names war veteran as army chief, U.S., U.N. critical of decision, Reuters, 

https://www.reuters.com/article/us-sri-lanka-army/sri-lanka-names-war-veteran-as-army-chief-u-s-critical-of-decision-idUSKCN1V918K

Appointment of alleged war criminal to head of Sri Lanka army ‘deeply troubling’, says UN human rights chief, https://news.un.org/en/story/2019/08/1044501

2. Vanni, North of Sri Lanka, IDP Movements as on 13 May, WHO,  

 https://reliefweb.int/sites/reliefweb.int/files/resources/E5A96FAF8D534C10852575BE0058A9A8-Full_Report.pdf

3.  https://reliefweb.int/sites/reliefweb.int/files/resources/64AAA43FD0FA1D9D852575BA0072916D-Full_Report.pdf

 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මට අද කියන්නට ඇති දේ, මගේ ආදරණීය හාමුදුරුවෝ, සොබිතා හිමිපානනි, අපි දැන් මකරාට හසු වී සිටිමු. ඔබට එය දැකීමේ දර්ශනයක් තිබුනි, හොඳ ආණ්ඩුව අපව ඉහළ අපරාධකරුවන් විසින් අල්ලා ගනු ලැබීය. මෙය වඩාත් සමාන ය, දේවාලය, අපි නමස්කාර කිරීමට ගියෙමු, අපට හානියක් සිදු විය. එය සිදු වී ඇත. යහපාලන මාධ්‍ය නිදහස යටතේ එය ක්‍රියාත්මක වූ ආකාරය මාධ්‍ය මාෆියාව තුළින් වඩාත් ශක්තිමත් විය. 2015 දී තේරී පත් වූ අය සිතුවේ දැනගත හැකි යුරෝපීයයන් කරන ආකාරයට යහපාලනය පැවැත්විය යුතු බවයි … නමුත් එය වඩා විශාල වැරැද්දකි. යහපාලකයින් කළ දේ ප්‍රවර්ධනය නොකිරීම, යටපත් කිරීම – සහ ඉහළ අපරාධකරුවන්ට ඔවුන් සිටිය යුතු ආකාරයට ද ished ුවම් නොලැබීම විශාල වැරැද්දක් ලෙස සැලකේ. ජේවීපී ද අපරාධ විරෝධී අපරාධකරුවන්ට සහාය දැක්වීමේ දී එතරම් දෙයක් කළේ නැත … නමුත් පැත්තකට වී සිටින්න. සමහර හේතු නිසා. උදාසීන මිනිසුන් අතර මිලියන 6 ක් හෝ ඊට වැඩි වූ ජාතිය අද නැවතත් රාජක්ෂේ හෙජ්ජොනිස්ට්වාදයට හසු විය.මට අද කියන්නට ඇති දේ, මගේ ආදරණීය හාමුදුරුවෝ, සොබිතා හිමිපානනි, අපි දැන් මකරාට හසු වී සිටිමු. ඔබට එය දැකීමේ දර්ශනයක් තිබුනි, හොඳ ආණ්ඩුව අපව ඉහළ අපරාධකරුවන් විසින් අල්ලා ගනු ලැබීය. මෙය වඩාත් සමාන ය, දේවාලය, අපි නමස්කාර කිරීමට ගියෙමු, අපට හානියක් සිදු විය. එය සිදු වී ඇත. යහපාලන මාධ්‍ය නිදහස යටතේ එය ක්‍රියාත්මක වූ ආකාරය මාධ්‍ය මාෆියාව තුළින් වඩාත් ශක්තිමත් විය. 2015 දී තේරී පත් වූ අය සිතුවේ දැනගත හැකි යුරෝපීයයන් කරන ආකාරයට යහපාලනය පැවැත්විය යුතු බවයි … නමුත් එය වඩා විශාල වැරැද්දකි. යහපාලකයින් කළ දේ ප්‍රවර්ධනය නොකිරීම, යටපත් කිරීම – සහ ඉහළ අපරාධකරුවන්ට ඔවුන් සිටිය යුතු ආකාරයට ද ished ුවම් නොලැබීම විශාල වැරැද්දක් ලෙස සැලකේ. ජේවීපී ද අපරාධ විරෝධී අපරාධකරුවන්ට සහාය දැක්වීමේ දී එතරම් දෙයක් කළේ නැත … නමුත් පැත්තකට වී සිටින්න. සමහර හේතු නිසා. උදාසීන මිනිසුන් අතර මිලියන 6 ක් හෝ ඊට වැඩි වූ ජාතිය අද නැවතත් රාජක්ෂේ හෙජ්ජොනිස්ට්වාදයට හසු විය.මට අද කියන්නට ඇති දේ, මගේ ආදරණීය හාමුදුරුවෝ, සොබිතා හිමිපානනි, අපි දැන් මකරාට හසු වී සිටිමු. ඔබට එය දැකීමේ දර්ශනයක් තිබුනි, හොඳ ආණ්ඩුව අපව ඉහළ අපරාධකරුවන් විසින් අල්ලා ගනු ලැබීය. මෙය වඩාත් සමාන ය, දේවාලය, අපි නමස්කාර කිරීමට ගියෙමු, අපට හානියක් සිදු විය. එය සිදු වී ඇත. යහපාලන මාධ්‍ය නිදහස යටතේ එය ක්‍රියාත්මක වූ ආකාරය මාධ්‍ය මාෆියාව තුළින් වඩාත් ශක්තිමත් විය. 2015 දී තේරී පත් වූ අය සිතුවේ දැනගත හැකි යුරෝපීයයන් කරන ආකාරයට යහපාලනය පැවැත්විය යුතු බවයි … නමුත් එය වඩා විශාල වැරැද්දකි. යහපාලකයින් කළ දේ ප්‍රවර්ධනය නොකිරීම, යටපත් කිරීම – සහ ඉහළ අපරාධකරුවන්ට ඔවුන් සිටිය යුතු ආකාරයට ද ished ුවම් නොලැබීම විශාල වැරැද්දක් ලෙස සැලකේ. ජේවීපී ද අපරාධ විරෝධී අපරාධකරුවන්ට සහාය දැක්වීමේ දී එතරම් දෙයක් කළේ නැත … නමුත් පැත්තකට වී සිටින්න. සමහර හේතු නිසා. උදාසීන මිනිසුන් අතර මිලියන 6 ක් හෝ ඊට වැඩි වූ ජාතිය අද නැවතත් රාජක්ෂේ හෙජ්ජොනිස්ට්වාදයට හසු විය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.