සුරංගනාවෝ වසන් වුණාදෝ - අසංක ප්‍රියමන්ත පීරිස් | Suranganawo wasan wunado - Asanka Priyamantha Peiris - sinhala lyrics


සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ

රෝස හීනෙන් මිදී
ප්‍රේමයෙන් හිත රිදී //
වංකගිරියේ මංමුලාවේ
ආදරේ පින් නැති //

සුරංගනාවෝ වසන් වුණාදෝ

වසන්තේ මල් පිපී
ආයෙමත් එන්නැතී //
තනි වුණාදෝ හුදකලාවේ
ආදරේ පින් නැති //

සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ


ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ධර්මරත්න පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments

  1. දීර්ඝ කාලයක් ඉඳන් බ්ලොග් පාඨකයාට නිහඬ සේවයක් ගී පැදුර ඉටුකරයි.My heartiest salute!!!!!!!!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...